මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපති අගමැති හමුවේ

    සැප්තැම්බර් 03, 2015
    නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (02) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 
     
    නව නාවික හමුදාපතිවරයා හට සුභ පැතීමෙන් අනතුරුව අගමැතිතුමන් ආරක්ෂක හා ජාතික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා නාවික හමුදාවේ උපායමාර්ගික ක්‍රමවේදයන් හා දායකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් නාවික හමුදාපතිතුමා සමග සුහද සාකච්ජාවක නිරත විය.
     
    20 වන නාවික හමුදාපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතාඅගමැතිතුමන් හමු වූ පළමු නිල හමුව සනිටුහන් කරමින් මෙහිදී සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
     
    DB/ NAVY.LK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya