අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනපති සිය ශෝකය සටහන් කරයි

    ජූලි 29, 2015

    හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි.

     

    අද (29) දහවල් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ සිය ශෝක පණිවිඩය සටහන් කරමින් ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි මැතිතුමා වෙත සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළේය.

     

    මේ අතර ජනාධිපතිතුමා විසින් ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමාගේ අභාවය වෙනුවෙන් නිකුත් කළ විශේෂ ශෝක පණිවිඩය ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි මැතිතුමා වෙත භාර දීම සඳහා අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා අද දහවල් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya