මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ දස වසරක සංවත්සරික පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මැයි 29, 2015

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව ඉදිවූ මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ දස වස් පූර්ණ සංවත්සරික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි.

     
    මහනුවර මහවැලි වික්ටෝරියා විශේෂ බල ප්‍රදේශයට අයත් කුණ්ඩසාලේ නගරය ආශ්‍රිතව අක්කර 05ක භූමි ප්‍රමාණයක් තෝරාගෙන භූමිය සකස් කොට භාවනා මධ්‍යස්ථානයක් සඳහා පරිත්‍යාග කරන ලද්දේ ජනාධිපතිතුමා එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටුයතු කරන අවධියේය.
     
    භාවනා අසපුව වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
     
    අනතුරුව සංවත්සර පුණ්‍යෝත්සවයට එක්වෙමින් තමන් විසින් පූජාකරන ලද ඉඩමට අදාළ ස්ථිර ඔප්පුව ද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ශ්‍රී කල්‍යාණී වංශ නිකායේ මහානායක පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය.
     
    කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ කෘත්‍යාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර හිමිපාණන් වහන්සේ විසින්  "දස වසරක පුනරාවලෝකනය" සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ( ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya