අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් ශ‍්‍රී ලංකාවට අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් - ජනපති ඉල්ලීමට චීනයෙන් ප‍්‍රතිචාර

    මාර්තු 26, 2015
    අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීමට චීන රජය එකඟතාව පළ කර ඇත.
     
    චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන ජනාධිපති ෂිං ජින් පින් මැතිතුමා අතර අද (26) පෙරවරුවේ පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරන ලද ඉල්ලීමක් අනුව චීන ජනාධිපතිතුමා මේ සඳහා සිය එකඟතාව පළ කළේය.
     
    චීනයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ චීන ජනාධිපති ෂිං ජින් පින් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බීජිං නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 
     
    ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර ද එහිදී පිළිගැන්වුණු අතර අනතුරුව දෙරටේ දූත පිරිස හඳුනාගැනීම සිදු විය. දෙරටේ නායකයන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. 
     
    එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ චීන රජය මෙතෙක් ශ‍්‍රී ලංකාවට ලබා දුන් සහය ඉතා ඉහළින් අගය කරන බවයි. 
     
    චීන රජය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඍජු ආයෝජන ගෙවී ගිය කාලයටත් වඩා ඵලදායී ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රයෝජනයට ගන්නා බව මෙහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපතිවරයා හමුවේ ප‍්‍රකාශ කළේ ය. ඊට ඉහළ ප‍්‍රතිචාර දැක්වූ චීන ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ දෙරටේ දිගුකාලීන මිත‍්‍රත්වය ඉදිරියේදී තව තවත් තහුවරු කෙරෙන බවයි. 
     
    පසුගිය ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් ජනතා නායකයෙකු ලෙස රටේ අභ්‍යන්තර කටයුතුවලදී ගෙන යන දූෂණයෙන් තොර යහපාලන ප‍්‍රවේශය මෙහිදී චීන ජනාධිපතිතුමාගේ පැසසුමට ලක්විය. 
     
    එසේම අධිකරණයේ ස්වාධීනත්වය රට තුළ ඇති කිරීමට රජය ගෙන යන ක‍්‍රියාමාර්ග චීන ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.
     
    වඩා වැඩි ප‍්‍රතිලාභ ගෙනදෙන සංවර්ධන සහයක් පෙරටත් වඩා ශ‍්‍රී ලංකාවට ලබා දෙන බව මෙහිදී පැවසූ චීන ජනාධිපතිවරයා සාර්ක් රටවල් සමඟ සහයෝගීතා වැඩපිළිවෙළකට ද එකඟතාව පළ කළේ ය. 
     
    ජාත්‍යන්තරයෙන් ශ‍්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනාවල දී ශ‍්‍රී ලංකාවට උපරිම සහයක් තව දුරටත් ලබා දෙන බව ද චීන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ ය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya