අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මෛත්‍රීට චීනයේ දී උණුසුම් පිළිගැනීමක්

    මාර්තු 26, 2015
    චීන මහජන සමූහාණ්ඩුවේ විශේෂ ආරාධනාවක් අනුව සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (25) චීනය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවූ අවස්ථාවේ දී එරට විදේශ කටයුතු ඇමැති ලියු ජියැන්චාවෝ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
     
    ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 868 සාමාන්‍ය ගුවන් යානයෙන් ඊයේ දහවල් 1.20 ට පමණ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ.
     
    මෙම සංචාරය අතරවාරයේ දී දෙරටේ නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තබනු ඇත. චීන ජනාධිපතිතුමා විසින් පවත්වන විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස සහභාගී වීමට නියමිතය.
     
    එමෙන් ම චීනයේ පැවැත්වෙන බෝආ ජාත්‍යන්තර සමුළු 28දා ජනාධිපතිතුමා විසින් අමතනු ඇත. ආසියාවේ සංවර්ධනය සහ ආර්ථිකය පිළිබඳ පැවැත්වෙන මෙම සමුළුවේ දී ශී‍්‍ර ලංකාවේ සංවර්ධන සහ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා ජාත්‍යන්තරය දැණුවත් කිරිමට ද නියමිතය.
     
    මෙම සංචාරයේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා චීන අගමැති ලී ක්වැන්ග් හා චීන මහජන ජාතික කොංග‍්‍රසයේ විධායක කමිටු සභාපති බෙජියැන් යන මහත්වරුන් සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
     
    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රවුෆ් හකිම්, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති.
     
    බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවැති පිළිගැනීමේ අවස්ථාවට චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයංගොඩ මහතා ද සහභාගි විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya