මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු මැති ඇමතිවරුන් රැසකගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවයි Featured

    ජනවාරි 27, 2015
    පසුගිය රජයේ සිටි ඇතැම් මැති ඇමතිවරුන් මෙන්ම ඔවුන්ගේ ඥාති හිතවතුන් විසින් ද සිදු කළ බව කියන දූෂණ වංචා හා අක්‍රමිකතා චෝදනා හේතුවෙන් ප්‍රභූන් රැසකගේ ගුවන් ගමන් බලපත්‍ර මේ වනවිටත් අත්හිටුවා තිබේ.
     
    ඔවුන් විසින් සිදු කළ බව කියන දූෂණ වංචා හා අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙයි.
     
    දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන විසින් මෙන් ම පසුගිය රජයේ අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන් විසින්ම මෙම චෝදනා සහිත පැමිණිලි බොහොමයක් සිදු කර තිබේ.
     
    මේ අතර ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ තමන් පරාජය ට පත්වන බව දැනගෙන කුමන්ත්‍රණයක් මගින් බලයේ රැදී සිටීමට කුමන්ත්‍රණයක් සිදු කළේ යැයි එම අවස්ථාවේ දී අරලියගහ මන්දිරයේ සිටියා යැයි කියන හිටපු අමාත්‍යවරු කිහිපදෙනෙකුට මෙන්ම නිලධාරීන්ට හා අගවිනිසුරුවරයාට එරෙහිව ද චෝදනා එල්ල වී තිබේ. 
     
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල, අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල නව රජයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කර ඇත.
     
    මේ වන විට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය  ද, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ ද විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.
     
    මීට දින කීපයකට පෙර එල්ල වූ විවිධ චෝදනා හේතුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ගේ ද විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අධිකරණය මගින් නියෝග ලබා දී තිබේ.
     
    මේ අතර ජනාධිපති කාර්යාලයේ රථවාහන පිළිබඳ සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් එහි ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගේ ද ගමන් බලපත්‍රය අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබේ.
     
    ජනතා විමුක්ති පෙරමුණ  විසින් හිටපු ජනාපතිවරයාගේ පුතකු වන නාවික හමුදාවේ සේවය කරන යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ආරක්ෂක ලේකම්වරයාට පැමිණිල්ලක් කර තිබේ.
     
    හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව ද රත්‍රං සම්බන්ධ චෝදනවක් මේ වනවිට එල්ල වී තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ ශ්‍යාමලී පෙරේරා මහත්මිය විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කර තිබේ.
     
    මේ වනවිට පැමිණිලි 60කට අධික සංඛ්‍යාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශ කොමිසම වෙත ලැබී ඇතැයි වාර්තා වන අතර ඉන් බොහොමයක් ඉහළ පෙළේ දේශපාලඥයන්ට එරෙහිව කරන ලද ඒවා බව ද වාර්තා වෙයි.
     
    හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා විසින් පසුගිය සමයේ සිදු වූ මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රභූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ද පැවැති රජයේ ම ප්‍රබල අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ  සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් වෙත චෝදනා එල්ල කරමින් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
     
    පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයාබැලීම සඳහා ''දූෂණ විරෝධී කමිටුව'' ස්ථාපනය කිරීමට නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  අනුමැතිය ලැබී ඇත. තවද  පසුගිය රජය විසින් සිදු කළ මහාපරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව යළි විමර්ශනයක් සිදු කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya