මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    දෙසැම්බර් 19, 2014
    බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය - 2014 ලබන 27 දින කොළඹ, ගම්පහ හා කළුතර විභාග මධ්‍යස්ථානවලදී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    මේ සඳහා අයදුම්රුවන් 14,500 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013 (2014) ලබන 27 හා 28 දිනයන්හි දී පේරාදෙණියේදී පමණක් පැවැත්වේ.
     
    ඉස්ලාම් ආගමික අගදිය්යා අල්කූර් ආන් පාසල් සඳහා වූ අවසන් සහතිකපත්‍ර විභාගය - 2013 (2014) දෙසැම්බර් 27 හා 28 දිනවලදී දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වේ.
     
    මේ සඳහා අයදුම්කරුවන් 10,350 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya