අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ආයතන තුළ අත්පත්‍රිකා බෙදීම තහනම් කෙරේ

    දෙසැම්බර් 19, 2014
    කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක හෝ රජයේ පාඨශාලාවක පළාත් පාලන ආයතනයක වෙනත් රාජ්‍ය සංස්ථා හෝ මණ්ඩල සතු ආයතනයක දී ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත්පත්‍රිකා බෙදීමේ හෝ වෙනත් එවැනි කාර්යයන් සිදු කිරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    එවැනි ක්‍රියාවලින් වැලකී සිටීම අත්‍යවශ්‍ය බව සියලු ම දේශපාලනඥයන් හෝ දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙත ද දැනුම් දෙයි.
     
    ස්වකීය පාලනය යටතේ ඇති රජයේ හෝ පළාත් සභා කාර්යාලවල හෝ පාඨශාලාවල හෝ පළාත් පාලන ආයතනවල හෝ රජයේ ආයතනවල මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සිදු කිරීමට ඉඩ නොදීම එම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හා උප කාර්යාල ප්‍රධානීන්ගේ වගකීමක් වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
     
    රාජ්‍ය ආයතන සතු ගාස්තු අයකර රැස්වීම් පැවැත්වීම සඳහා කුලියට දෙන ස්ථාන දේශපාලන පක්ෂවල / අපේක්ෂකයන්ගේ හෝ සංවිධානවල රැස්වීම් සඳහා ගාස්තු අයකර ලබාදීම සම්බන්ධයෙන් මෙම නියමයන් බල නොපැවැත්වෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya