මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට අදත් වැසි Featured

    නොවැම්බර් 29, 2014

    අද (29) දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට රත්නපුරයට මහනුවරට නුවරඑළියට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    යාපනයට වැසි වාර කිහිපයක් ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 24.9ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 26.1ක වර්ෂාපතනයක් පොතුවිල්වලින් ද මි.මී. 12.2ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 9.4ක වර්ෂාපතනයක් මත්තලින් ද මි.මී. 5.4ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 6.4ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C රත්නපුර හා අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.3°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.3°C නුවරඑළියෙන් ද මි.මී. 120.3ක උපරිම වර්ෂාපතනය යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya