අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්ද අබේසුන්දර ජීවිතයෙන් සමුගනී

    නොවැම්බර් 28, 2014

    ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල උපදේශකවරයෙකු ලෙස සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා අද (28) අභාවප්‍රාප්ත විය.

    ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස මොරටුව වේල්ස් කුමර විදුහල ඇතුළු පාසල් කිහිපයක සේවය කළ අබේසුන්දර මහතා දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස ද සේවය කළ අතර විකල්ප ජාතික පුවත්පතක් වූ ජනදින පුවත්පතේ කර්තෘවරයා ලෙස ද දවස, දිවයින සහ ලක්බිම පුවත්පත්වල ද සේවය කර තිබේ.

     

    1996 ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස පත් විය. 'විපරම' නමින් හා 'විමසුම' නමින් රූපවාහිනි කාලීන වැඩසටහන් සඳහා පිටපත් රචනා කළ අබේසුන්දර මහතා විපරම වැඩසටහනට ලියන ලද පිටපත් 100ක් තෝරා ග්‍රන්ථයක් ද පළ කර තිබේ.

     

    පසුගිය කෙටි කාලයක් තුළ අසනීපයෙන් පසු වූ මහින්ද අබේසුන්දර මහතා සිය නිවසේ දී අභාවප්‍රාප්ත ව තිබෙන අතර ඔහු මියයන විට 75 වැනි වියේ පසු විය. ඔහු සිව් දරු පියෙකි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya