අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සා සියාන්" 2014 ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව කොළඹ දී ඇරඹේ Featured

    නොවැම්බර් 28, 2014
    දකුණු ආසියානු හා ගිනිකොන දිග ආසියානු රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව ඊයේ (27) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ආරම්භ විය. 
     
    සමුළුවේ පිළිගැනීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා විසින් සිදුකරන ලද අතර ප්‍රධාන දේශනය රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදුකරන ලදී.
     
    මෙහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ කලාපීය ආරක්‍ෂක සහයෝගිතාව සන්නද්ධ අභියෝගවලට ඇති සුදානම් භාවය වර්ධනය කිරීම සඳහා මෙවැනි අන්තර්ජාතික සම්මන්ත්‍රණ වැදගත් බවයි. කලාපීය වශයෙන් රටවල් අතර පුහුණුවීම්, ඒකාබද්ධ පුහුණු ක්‍රියාන්විත (Joint exercise) සහ සක්‍යතාවර්ධන ක්‍රියාකාරකම් (joint capacity building) මගින් කලාපීය ආරක්‍ෂාව සහ හමුදා සහයෝගිතාව වඩාත් වර්ධනය කරගත හැකි බවයි (improve the co-operation and collaboration). මෙහි ඒකායන බලාපොරොත්තුව වන්නේ දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල සාමය සහ ස්ථාවරත්වය තුළින් අඛණ්ඩ ආර්ථික සංවර්ධනයක් ළඟා කරගැනීම බවත් කීය.
     
    රටවල් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක දේශීය නොවන විවිධ ක්‍රියාකාරිකයන් (trance national criminals) සහ රටවල් තුළ ඇති වන විවිධ අපරාධ පිළිබඳව ද විශේෂ අවධාරණයකින් යුතු ව ක්‍රියා කළ යුතුව ඇතැයි ද අවධාරණය කළ ආරක්‍ෂක ලේකම්වරයා කලාපය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම,  නීතිවිරෝධී ව සිදුකරන නීතිවිරෝධී මිනිස් සංක්‍රමණ ඒ තුළින් සාර්ථකව මැඬලිය හැකි බවත් තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    එක රටක මෙවැනි නීතිවිරෝධී කටයුතු කරන අයවලුන් එම කලාපයේ ම වෙනත් රටකට පැන ගොස් නීතියෙන් සැඟවී සිටීමට කටයුතු කරයි. බුද්ධි තොරතුරු බෙදාහදා ගැනීම තුළින් කලාපීය වශයෙන් සැඟව සිටින මෙවැනි නීති විරෝධී ව කටයුතු කරන අය නීතිය ඉදිරියට ගෙන ඒමේ හැකියාව ඇති බවත් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
     
    තිස් වසරක් පුරා මෙරට ජනතාව අත්දුටු එල්ටීටීඊ ත්‍රස්තවායේ දරුණු අත්දැකීම් පිළිබඳ ව ආවර්ජනය කළ රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය භාවිත කරමින් නීතිවිරෝධී මුදල් රැස්කිරීම් බහුල ලෙස සිදු කළ බවයි. එම මුදල් භාවිත කරමින් ලියාපදිංචි නොකළ නෞකා ජාත්‍යන්තර මුහුදේ හසුරුවමින් නීතිවිරෝධී අවි ආයුධ මෙ රටට ගෙන්වීමට මෙන් ම මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට මෙම කලාපය තුළ කටයුතු කළ බවයි. මෙවැනි කලාපීය ආරක්‍ෂක සහයෝගීතාවක් ජාත්‍යන්තර වශයෙන් ඇති කිරීම තුළින් එවැනි කටයුතු මැඬලීමට හැකිවනවා මෙන් ම කලාපීය ආරක්‍ෂාව ද තරකර ගත හැකි බවයි.
     
    තෙදින වැඩමුළුවක් වන මෙහි අරමුණ වන්නේ විනිවිදභාවය විශ්වසනීයත්වය විවෘතභාවය තුළින් අනෝන්‍ය අවබෝධය සහ කලාපීය ආරක්‍ෂක සහයෝගිතාව වර්ධනය කිරීමයි. එමෙන් ම මෙම අන්තර්ජාතික සමුළුවේ තේමාව වන්නේ අන්තවාදීත්වය, හදිසි තත්ත්වයනට මුහුණ දීම වැලැක්වීම සාගර සහ භුමි කලාප පිළිබඳ ව ගැටලු නිරාකරණය, යුධක්‍රමෝපාය නවීකරණය, ස්වභාවික විපත් මැඬලීම, නීතිවිරෝධී මත්ස්‍ය දඩයම වැළැක්වීම සහ ඒකාබද්ධ නිරීක්‍ෂණ සහ මුදවා ගැනීම් වේ.
     
    පළමු දිනයේ මුලසුන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා විසින් දරන ලදී.
     
    දෙවන දිනය වන අද (28) පකිස්තානු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ආර්. මොහොමඩ් මහතා සහ බෲනායි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් පෙහින් තවීහ් මහතා විසින් මුලසුන දරනු ඇත. එසේ ම බංග්ලාදේශය වියට්නාමය සහ චීන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් විසින් අද සිය දේශන පැවැත්වීමට ද නියමිතය. 
     
    හෙට (29) විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ දේශනයක් පවත්වන අතර දිවා ආහාරයෙන් පසු "සා සියාන්" 2014 ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සමුළුව අවසන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya