මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවට බෙලරූස් රාජ්‍ය සහය

    නොවැම්බර් 21, 2014

    අන්තර් ජාතික වශයෙන් අවශ්‍ය  ඕනෑ ම අවස්ථාවක දී ශී‍්‍ර ලංකාවට සහය ලබාදීමට සුදානම් බව බෙලරූස් රාජ්‍යය අවධාරණය කරයි.

     විවිධ අභියෝගයන් මධ්‍යයේ ශී‍්‍ර ලංකාව අද වන විට ශීඝ‍්‍ර වර්ධනයක් ලබා තිබෙන බව ද තවත් නොබෝ කලකින් ලෝකයේ දියුණු ම රටක් බවට නිසැක වශයෙන්ම පත්වනු ඇතැයි ද බෙලරූස් හි ජාතික රාජ්‍ය සභාවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ සභාපති ව්ලැදිමීර් ඇන්ඩ්රෙයිචෙන්කෝ  (Vladimir Andreichenko) මහතා ප‍්‍රකාශ කරයි.

     

    සිව් දින නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි ඒ මහතා මේ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදීය. අන්තර්ජාතික සංවිධානවලදී අන්‍යෝන්‍ය වශයෙන් ශී‍්‍ර ලංකාවට සහය පළකිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ව්ලැදිමීර් ඇන්ඩ්රෙයිචෙන්කෝ මහතා ගෝලීය ගැටලු වෙනුවෙන් විසඳුම් සෙවීමේ දී දෙරට ඉතා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද පැවසීය.

    ශී‍්‍ර ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉතා යහපත් ආකාරයෙන් වර්ධනය වී තිබෙන බව මෙහි දී පෙන්වා දුන් ඒ මහතා පසුගිය 2013 වසරේ අගෝස්තු මාසයේදී ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකාෂෙන්කෝ (Alexander Lukashenko)  මහත්වරුන්ගේ හමුවේ දී එම සබඳතා වර්ධනය වී තිබෙන බව ද සිහිපත් කළේය.

    ශී‍්‍ර ලංකාව සහ බෙලරූස් රාජ්‍ය සම්බන්ධ වන අන්තර්ජාතික සම්බන්ධයෙන් මේ හමුවේ දී විශේෂ අවධානය යොමු කර තිබෙන අතර වෙළෙඳ සහ ආර්ථික කටයුතු ප‍්‍රවර්ධනය වෙනුවෙන් ද අවධානය යොමු කෙරිණි.

    මේ අතර ශී‍්‍ර ලංකාව හා බෙලරූස් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා නීත්‍යනුකූල ලෙස ගෙනයාමට සූදානම් බව ඒ සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සඳහා ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත බව ද බෙලරූස් හි ජාතික රාජ්‍ය සභාවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya