මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතිපොළ සතිපතා පුවත්පතේ ප්‍රථම පිටපත ඇමති බැසිල්ට පිළිගැන්වේ

    නොවැම්බර් 21, 2014

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සතිපතා ව්‍යාපාරික පුවත්පත වන 'සතිපොළ' ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (20) එළිදැක්විණි.

    ගැමි වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත්කර ඇති සතිපොළ පුවත්පත ප්‍රවීණ පුවත්පත් කලාවේදී නිමල් වීරතුංග මහතාගේ සංස්කරණයකිනි.

     

    ශ්‍රී ලංකාවේ ගම් නගරවල නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස සතිපොළ ක්‍රියාත්මක වූ අතර දැනට ලංකාවේ ඇති ප්‍රධාන සතිපොළ සංඛ්‍යාව 481කි. එය ආර්ථික සබඳතා රැසකට පදනම් වූ ලාංකේය ජන සංස්කෘතිය සමඟ බැදුණු අංගයකි. රටේ ජනගහනයෙන් සියයට 80ක් වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන අතර ග්‍රාමීය ජනතාවගෙන් සියයට 90ක් පමණ සතිපොළට පැමිණෙන බව මෑතකදී කරන ලද අධ්‍යයනයකදී හෙළි විය.

     

    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ගිහි පැවිදි විශාල පිරිසක ගේ සහභාගිත්වයෙන් සතිපොළ සතිපතා පුවත්පත එළිදැක්වීමේ උත්සවය පැවැත් වූයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිගේ ප්‍රධානත්වයෙනි. සතිපොළ පුවත්පතේ ප්‍රකාශක උදය වලිසිංහ මහතා විසින් එහි ප්‍රථම පිටපත ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත මෙහිදී පිරිනමන ලදී.

     

    මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා කියා සිටියේ ලක්ෂ සංඛ්‍යාතික ග්‍රාමීය කුඩා ව්‍යාපාරිකයින් සහ ස්වයං රැකියාලාභීන් වර්තමානයේ මුහුණ දෙන එක් ගැටලුවක් වන්නේ තමන්ට අවශ්‍ය ව්‍යාපාරික පුවත් සිංහලෙන් දක්නට නොහැකි වීමය. රටේ සංවර්ධනය යනු රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් හෙතෙම එම ජාතික අවශ්‍යතාවට හඳුනාගැනීම පිළිබද සතිපොළ කර්තෘ මණ්ඩලයට සිය කෘතඥතාව පළ කළේය.

     

    ගමේ නිෂ්පාදන හුවමාරු කර ගැනීමට පමණක් නො ව පිටතින් ගෙනෙන නිෂ්පාදන අලෙවි කිරීමට සතිපොළ අවශ්‍ය වන බවද පාරිභෝගිකයින්ට පහසු මිලට භාණ්ඩ ලබා ගැනීමට එයට කේන්ද්‍රීය ස්ථානයක් බවද සතිපොළ ප්‍රකාශක උදය වලිසිංහ මහතා මෙහිදී උත්සව සභාව අමතමින් කියා සිටියේය.

     

    මෙහිදී සතිපොළ කර්තෘ නිමල් වීරතුංග මහතා කියා සිටියේ රටේ ආහාර ස්වයංපෝෂිත බව තහවුරු කිරීමට සහ ආහාර සුරක්ෂිතාව සෑම පුද්ගලයෙකුට ලබාදීම සඳහා දිවි නැගුම වැඩසටහන අරඹමින් සතිපොළවල් යුගයට ගැළපෙන ලෙස ජාතික මට්ටමෙන් නවීකරණය කිරීමට අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ගන්නා උත්සාහය හේතුව මෙවැනි සතිපතා පුවත්පතක් බිහි කිරීමට දිරි ගැන්වීමක් වූ බවය.

     

    මෙහිදී සිද්ධාලේප අධිපති වික්ටර් හෙට්ටිගොඩ මහතාට ව්‍යාපාරික ක්ෂේත්‍රයට කරන ලද සේවය අගයමින් සම්මානයක්ද අමාත්‍ය රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලදී. උත්සවය අමතා ගිහි පැවිදි ආරාධිතයින් කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ.

     

    Sathi pola news paper launched 1

     

    Sathi pola news paper launched 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya