මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    නොවැම්බර් 15, 2014

    අද (15) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව උතුර, නැගෙනහිර සහ දකුණු දෙසින් වන වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කොළඹට ගාල්ලට මන්නාරමට සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට යාපනයට උදෑසන වැසි සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි

     
    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 57.3ක වර්ෂාපතනයක් කොළඹින්ද මි.මී. 23.8ක වර්ෂාපතනයක් කටුනායකින්ද මි.මී. 23.5ක වර්ෂාපතනයක් මත්තලින් ද මි.මී. 13.2ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන්ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C රත්නපුර සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.4°C රත්නපුරප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.2°C නුවරඑළියෙන් ද මි.මී. 122.0ක උපරිම වර්ෂාපතනය පුස්සැල්ලාව සෝගම් වතුයාය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya