මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වින්දිතයන්ගේ දිනය සැමරුම හෙට

    නොවැම්බර් 15, 2014
    සෑම වර්ෂයක ම නොවැම්බර් තෙවෙනි ඉරිදා දිනය, මාර්ග රිය අනතුරුවලට ගොදුරු වූවන් සිහිපත් කිරීම අරමුණු කොටගත් ජාත්‍යන්තර වින්දිතයන්ගේ දිනය වශයෙන් සැමරෙන අතර එම දිනය සැමරුම් උත්සවය හෙට (16) දා පස්වරු 6.00ට නෙළුම් පොකුණ පරිශ්‍රයේ දී  පැවැත්වේ.
     
    මෙම අවස්ථාවට මාර්ග අනතුරුවලින් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන් ම අනතුරුවලින් තුවාල ලත් පුද්ලයන් ද සහභාගි වේ.
     
    වර්ෂ 2005 ඔක්තෝබර් 26 වෙනි දින එක්සත් ජාතීන් විසින් මේ සඳහා සම්මුතියක් ඇති කරගත් අතර එමගින් සෑම වර්ෂයක ම නොවැම්බර් තෙවෙනි ඉරිදා දිනය, මාර්ග රිය අනතුරුවලට ගොදුරු වූවන් සිහිපත් කිරීම අරමුණු කොටගත් ජාත්‍යන්තර  වින්දිතයන්ගේ දිනය සැමරීම පිණිස රාජ්‍යයන් වෙත ඇරයුම් කරනු ලබයි. 
     
    මෙබඳු  දිනයක් සැමරීම තුළින් මාර්ග රිය අනතුරු, ඒවාගේ ප්‍රතිවිපාක සහ වියදම් මෙන් ම මෙවැනි අනතුරු වැළැක්වීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මහජනයාගේ අවධානය යොමු කරලීමේ අවස්ථාව සැලසෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya