මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව මියගිය රණ විරුවන් සමරයි

    නොවැම්බර් 10, 2014
    දැයෙන් සමුගත් රණ විරුවන් සැමරීමේ උත්සවය ඊයේ (09) විහාර මහාදේවි උද්‍යානයේ රණ විරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
     
    නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නියෝජනය කරමින් සහභාගි විය.
     
    නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහ නාවික හමුදා සෙබළුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    මෙම අවස්ථාවට සමගාමී ව රණ විරු සැමරුම් උත්සවයක් ඊයේ නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) රියර් අද්මිරාල් නිකොලස් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
     
    මෙම ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමී ව සෙසු නාවික කොට්ඨාසවල ද එම කොට්ඨාසවල අණදෙන නිලධාරීන්ගේ සෙසු නිලයන්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සව සංවිධානය කොට තිබුණි. නාවික යාත්‍රාවන්ද මෙම අවස්ථාවන් සඳහා එක්වී 
    මිය ගිය රණ විරුවන් වෙත ගෞරව පිරිනැමීය.
     
    විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් රකිමින් යුද්ධයේ දී සිය ජීවිත පූජා කළ රණ විරුවන් එහිදී සිහිපත් කරනු ලැබූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya