අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    නොවැම්බර් 01, 2014

    අද (01) අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

     

    අනුරාධපුරයට අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    කොළඹට ගාල්ලට නුවරඑළියට මහනුවරට රත්නපුරයට විටින්විට වැසි.

    යාපනයට මඩකළපුවට ත්‍රිකුණාමලයට මන්නාරමට උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.°C මන්නාරම හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya