මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදා විශේෂ බලකාය එක් ව යුද අභ්‍යාසයක් Featured

    නොවැම්බර් 01, 2014

    ශ්‍රී ලංකාව හා ඉන්දියානු යුද හමුදාව අතර චිරාත් කාලයක් පැවති සහ සම්බන්ධතාව, සහයෝගය සහ අවබෝධතාව තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බලකා සෙබළුන් ප්‍රධාන ව නාවික හමුදා, ගුවන් හමුදා සෙබළුන් ද සමඟ එක් ව ඉන්දීය විශේෂ බලකා සෙබළුන් 42ගේ සහභාගීත්වයෙන්  "මිත්‍ර ශක්ති" නමින් යුද අභ්‍යාසයක්  ලබන 03 දින ඌව කුඩාඔය  කමාන්ඩෝ රෙජිමේන්තු  පුහුණු පාසලේ දී  ආරම්භ කෙරේ.


    ඉන්දීය ආරක්ෂක ප්‍රධානී  ආර්.කේ. මුතූර් මහතා සහ  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගිය ඔක්තෝබර්  මුල් භාගයේදී කොළඹදී පැවති  ‘වාර්ෂික ආරක්ෂක සංවාදයෙහි’ (Annual Defence Dialogue)  ප්‍රතිඵලයක් ලෙස  ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට මුල් පියවර තැබිණි.

    මෙහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සහ ඉන්දීය යුද හමුදාවන් එක් ව යුද හමුදා විශේෂ මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ යුද උපක්‍රම පිළිබඳ ව විධිමත් අභ්‍යාසයක යෙදීමට නියමිතය.

    මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායෙන් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් නිලධාරීන්  සහ සෙසු නිලයන් 168 දෙනෙකු ද ශ්‍රී ලංකා  නාවික  හමුදාවෙන්  නිලධාරීන් සහ සෙසු නිලයින් 16 දෙනෙකු  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයින්  16 ක් ද  ඉන්දීය විශේෂ හමුදා සාමාජිකයින්  42කු ද සහභාගි වීමට නියමිතය.

    යුද හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි  සංවිධානය කරන ලදී. මෙම  යුද අභ්‍යාසය  ලබන 22 දක්වා සති තුනක කාලයක් පැවැත්වීමට නියමිතය. යුද හමුදා මූලස්ථානයේදී ඉන්දීය මහකොමසාරිස්, ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන්,  අධ්‍යක්ෂ පුහුණු  බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න,  යුද හමුදාපතිතුමා නියෝජනය කරමින්  අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ  සහභාගීත්වයෙන් පෙරේදා (30)  ඊට අදාළ ව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

    2012 වර්ෂයේ දී  වාර්ෂික ආරක්ෂක සංවාදය (‘Annual Defence Dialogue’ ) සඳහා  ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 48 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මෙවැනිම යුද අභ්‍යාසයක්  සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගියහ.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya