මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 25, 2014

    අද (25) අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසු ව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ලට කොළඹට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අනුරාධපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 2.30 වනවිට මි.මී. 38.4ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 15.8ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 9.9ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 23.0ක වර්ෂාපතනයක් රත්නපුරින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C රත්නපුර හා අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.3°C මොනරාගල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.1°C නුවරඑළියෙන් ද මි.මී. 115.0ක උපරිම වර්ෂාපතනය හෙල්බොඩ උතුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya