මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “කිසිවෙකු අත නොහරින එකම එක සමාජයක්” උත්කර්ෂවත් අයුරින් සැමරේ

    ඔක්තෝබර් 01, 2014
    ඔක්තොම්බර් 01 දිනට යෙදෙන ‍ජාත්‍යන්තර වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවය අද (01)  පෙ.ව. 9.00‍ට උත්කර්ෂවත් අන්දමින් නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
     
    “කිසිවෙකු අත නොහරින එකම එක සමාජයක්” යන තේමාව පෙරදැරි කර ගෙන පැවැත්වූ මෙම උත්සවයට එක්වෙමින්  සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව ලක්ෂ 24ක් ඉන්නා බව ගණන් බලා ඇති බවයි. එසේ නමුත් සංවර්ධිත රටවල මේ ආකාරයට වැඩිහිටි ප්‍රජාව පිළිබඳ නිර්ණායක ඉදිරිපත් නොකරන බවත්, එයට හේතුව එම වැඩිහිටි ප්‍රජාව වයස 75 හා ඊට වැඩි වයස් දක්වා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබා දෙන බවත්ය. ඔවුන්ගේ ශ්‍රමය ඒ රටවලට ඉතා ම වැදගත් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    1999 වසරේ සිට ඔක්තෝබර්  01 දින වැඩිහිටි දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එවැනි දිනයක් නම් කිරීම අප ලැබූ ජයග්‍රහණයක් බවත්, විවිධ වර්ෂවල සිදු කරන ලද ගණනය කිරීම් අනුව වැඩිහිටි ප්‍රජාවගේ ගණන වැඩිවෙමින් පවතින බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.  එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙය පවත්නා රජයකට විශාල වගකීමක්. නමුත් වර්තමාන රජයෙන් වැඩිහිටියන් ආරක්ෂා කිරීමට, රැකබලා ගැනීමට, ඔවුන් සවිබල ගැන්වීමට විවිධ ක්‍රියා මාර්ග ගෙන තියෙන බවයි.
     
    එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “වැඩිහිටි ප්‍රජාවගේ ප්‍රතිශතය වැඩිවීම සතුටට කරුණක්. එයට හේතුව නොමිලේ සෞඛ්‍ය පහසුකම් වැඩි වී තිබීමෙන් වැඩිහිටියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය සම්පන්න බව වැඩි වී ඉතා හොඳ ආයු කාලයක් භුක්ති විඳිනු පෙනී යනවා. අද වන විට වැඩිහිටියන් විශ්‍රාම ගිය පසුත් ඔවුන්ගේ සේවා ව ඉතාමත් අවශ්‍ය වී ඇති බව අපට පේනවා. ඔවුන්ගේ පලපුරුද්ද හා හා විද්වත්භාවය වැඩිවීම එයට හේතුවයි.
     
    වැඩිහිටියන් සඳහා වසරකට රුපියල් ලක්ෂ 30,000ක් පමණ වෙන් කරනවා. මේ වන විට වැඩිහිටි කමිටු 11,000ක් පමණ ලංකාවේ ස්ථාපිත කර තියෙනවා. මෙම වැඩිහිටි කමිටු ශක්තිමත් කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ලක්ෂ 4,300ක් ලබා දී තියෙනවා. 
     
    වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා මේ වන විට වැඩිහිටි නිවාස වෙනුවට වැඩිහිටියන් රැකබලා ගැනීමට පුද්ගලයන් පුහුණු කර අවශ්‍ය රැකවරණය හා ආදරය ලබාදීමට අවශ්‍ය පසුබිම උදා කර තියනවා” යැයි පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකට ම එක බස් රථයක් බැගින් ලබා දීමට කටයුතු කරන බවයි.
     
    මෙහිදී හොඳ ම වැඩිහිටි කමිටුව ලෙස කහන්තේවල ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුව තේරි පත්වූ අතර, ඔවුන් සඳහා මුදල් ත්‍යාගයක් හා දඹදිව වන්දනා චාරිකාවක් ද ප්‍රදානය කෙරිණ. වැඩිහිටියන්ගේ විවිධ ප්‍රාසාංගික අංගයන් රැසක් ද ඉදිරිපත් කෙරුණි.
     
     
    එමෙන් ම ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශනය කළ බුද්ධිකා ඉඹුලාන මහත්මිය විසින් සංස්කරණය කරන ලද “විය සැරිය” නම් ප්‍රකාශනය අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කරන ලදී.
     
    මෙම උත්සවය සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා, සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි ‍යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ වැඩිහිටි කමිටු සාමාජිකයන් විශාල පිරිසකගේ සහ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
     
    ECB/RU_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya