මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිතුමාගේ ලෝක ළමා දින සුභාශිංසන පණිවුඩය Featured

    ඔක්තෝබර් 01, 2014


    දරු දැරියන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමේ හා ළමා සුභ සාධනය සුරක්ෂිත කිරීමේ අරමුණින් සංවිධාන කරන විශ්ව ළමා දින සැමරුම නිමිත්තෙන් සුභ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. 

    පළමු ලෝක යුද්ධය හේතුවෙන් දරු දැරියන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ අතර ඒ නිසාම දරු පරපුර රැක ගැනීමේ අරමුණින් සංවිධාන රැසක් ඒකරාශී වූහ. ළමා මෙහෙකාර සේවයෙන් දරුවන් මුදා ගැනීම ද ප්‍රබල කරුණක් බවට පත්ව ඇත. ඒ වෙනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශන රැසක් ද එළි දක්වා තිබේ. 

     

    ආර්ථික අපහසුතා, දෙමාපිය රැකවරණය අහිමිවීම ආදී හේතු සාධක රැසක් නිසා දරුවන් ළමා මෙහෙකාර සේවයට බඳවා ගැනීම බහුලව සිදුවේ.  එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා අප රජය වැඩසටහන් රැසක් දියත් කොට ඇත. රටේ අනාගතය භාර ගැනීමට සිටිනා මල් කැකුළු වන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් වත්මන් රජය ව්‍යාපෘති රැසක් දියත් කර තිබේ. 

     

    ඒ අතර යහපත් පරිසරයක් නිර්මාණය කිරීම, අධ්‍යාපන පරිසරය ශක්තිමත් කිරීම, තොරුතුරු තාක්ෂණ ප්‍රවර්ධනය, සාක්ෂරතාව ඉහළ නැංවීම, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදිය වඩාත් ජව සම්පන්නව ක්‍රියාත්මක කරන බව පවසන්නේ මහත් අභිමානයෙනි.

     

    තරගකාරී හා නූතන ශීඝ්‍ර අධ්‍යාපන ක්‍රම නිසා දරුවන් යන්ත්‍රයක් බවට පත් නොකර යහපත් සමබර මානසිකත්වයෙන් යුතු දරු පරපුරක් රටට උරුම කර දීම දෙමාපියන් සතු වගකීමක් වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව යමින් සක්කෝ, උජු, අනතිමාන, සුවචෝ ආදී කරුණු අනුගමනය කිරීම තුළින් දක්ෂ, අවංක, නිහතමානී හා කීකරු දරු පිරිසක් රටට උරුම කර ගත හැකි වේ. බුදු දහම සේ ම සෙසු ආගම් අනුගමනය කරමින් නිහතමානී, බුද්ධිමත් හා විනයගරුක දරු පරපුරක් නිර්මාණය කර ගැනීම සඳහා ජාති, ආගම් භේදයෙන් තොර ව අප සියල්ලෝ ම අත්වැල් බැද ගත යුතු ව තිබේ. ඒ වෙනුවෙන් සංවිධාන වන විශ්ව ළමා දින සැමරුම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි! 


    ආචාර්ය දි.මු.ජයරත්න
    අග්‍රාමාත්‍ය 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya