මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දින ජාතික සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 01, 2014

    මෙවර ලෝක ළමා දින ජාතික සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01ද) මහරගම ජාතික යොවුන් රඟහලේ දී පැවැත්වේ.


     “සෙනෙහස දී අප රකින්න” (Protect Us with Love) යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සැමරීමට කටයුතු යොදා ඇත.

    ලෝක ළමා දිනය නිමිත්තෙන් නිකුත් කෙරෙන ප්‍රථම කොඩිය ජාතික සැමරුම් උත්සවයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැළඳවීමට නියමිත අතර ඒ නිමිත්තෙන් වන සමරු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීම ද එහි දී සිදුකෙරේ.

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර ඇති ‘ළමා ආරක්ෂණ ප්‍රශස්ත ව්‍යවහාර ග්‍රන්ථය’ එළිදැක්වීම සහ එම දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ ‘පරිකල්පන’ චිත්‍ර තරගයේ ජයග්‍රාහී දරුවන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු කෙරේ.

    එමෙන් ම මේ ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයේ දී පාසල් දරුදැරියන් විසින් සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරෙන අතර උත්සවයට පාසල් දරුදැරියෝ අටසියයක් (800) පමණ සහභාගි වෙති.

    අද දින පැවැත්වෙන ලෝක ළමා දින ජාතික උත්සවයට සමගාමී ව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් දිවයිනපුරා සැමරුම් උත්සව පැවැත්වීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya