අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර සහ චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාල ගිවිසුම අද අත්සන් තැබේ

    සැප්තැම්බර් 16, 2014

    ශ්‍රී ජයවර්ධනපුර විශ‍්වවිද්‍යාලය සහ චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලය අතර විද්‍යාත්මක සහ අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කර ගැනීම උදෙසා වූ දෙවන අවබෝධතා ගිවිසුම අද (16) අත්සන් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.


    මුහුදු සේද මාවතේ චීන ශ්‍රී ලංකා සහයෝගිතා මධ්‍යස්ථානය (China - Sri Lanka Joint Center for the Maritime Silk Road) ඇරඹීම අරමුණු කරගනිමින් දිවයිනට පැමිණෙන මහජන චීන සමූහාණ්ඩුවේ ජනපති Xi 
    Jinping මැතිතුමා සමඟ පැමිණෙන චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලයේ (UNiversity of Chinese Academy of Science - UCAS) උප සභාපති මහාචාර්ය U Yueliang මහතා එදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උප කුලපති සමඟ මේ ගිවිසුම අත්සන් කරනු ඇත.

     

    මෙහි සාක්ෂිකරුවන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් ලෝක විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ සභාපති මහාචාර්ය රනිල් ද සිල්වා සහ චීන ජනරජය වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු අත්සන් තැබීමට නියමිතය.

     

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර නවෝත්පාදන, විද්‍යාත්මක සහ පර්යේෂණ උදෙසා වූ සහයෝගිතාව පුළුල් කරනු වස් ශ්‍රී ජයවර්ධපුර විශ‍්වවිද්‍යාලය සහ චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලය අතර මේ දෙවන අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ඇත. මේ මඟින් ද්විපාර්ශ්වික ද්විත්ව පශ්චාත් උපාධි (MSc, PhD) පාඨමාලාවන් සඳහා ශ්‍රී ලාංකීය සිසුන්ට දොරටු විවෘත වනු ඇත. එසේ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහ අධ්‍යයන/ අනධ්‍යන කාර්ය මණ්ඩලයන්ට චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන පුහුණුව සඳහා අවස්ථාව උදා වන අතර යෝජිත චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ශාඛාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ ඇරඹීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ.

     

    2014 ජනවාරි 23 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලය අතර පළමු අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණි. චීන විද්‍යාර්ථන විශ්වවිද්‍යාලය, චීන විද්‍යා හා තාක්ෂණවේදී විශ්වවිද්‍යාලය හා චීන විද්‍යායතන විශ්වවිද්‍යාලය අනුබද්ධිත ආයතනවලදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හට "චීන විද්‍යායතන විශ්වවිද්‍යාලයේ සභාපති පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන" තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ට චීනයේ පශ්චාත් උපාධි හැදෑරීමට දෙවන අවබෝධතා ගිවිසුමෙන් අවස්ථාව උදා වේ.

     

    චීන විද්‍යායතනය චීනයේ ස්ථාපිත විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ මූලික බලමුළුව වන අතර ඔවුන් අනාගත විද්‍යා හා තාක්ෂණ අභිවෘද්ධිය උදෙසා ඉමහත් පිටිවහලක් සපයයි. මේ වන විට මේ විශ්වවිද්‍යාලයේ ශාඛා 12ක්, අනුබද්ධිත ආයතන 117ක්, ජාතික පර්යේෂණ ආයතන 100ක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතන සහ තවත් 1000කට අධික ප්‍රාදේශීය පර්යේෂණ ආයතන විශාල ප්‍රමාණයක් චීනය පුරා ව්‍යාප්ත ව පවතී. මේ ආයතනය යුරෝපය, ඇමරිකාව, ජපානය රුසියාව, ඕස්ට්‍රේලියාව යනාදී වශයෙන් රටවල් 92ක් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම මඟින් ඔවුන්ගේ පර්යේෂණ කටයුතුවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පියවර ගෙන ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya