මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචාරණ කටයුතු 17න් අවසන් Featured

    සැප්තැම්බර් 12, 2014
    ඌව පළාත් සභා මැතිවරණයට අදාළ ව ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් මැතිවරණ ප්‍රචාරණ කාර්යාල 18දා මධ්‍යම රාත්‍රිය තෙක් පවත්වාගෙන යා හැකි නමුත් ඒවායෙහි ප්‍රචාරණ කටයුතු 17දා මධ්‍යම රාත්‍රියෙන් පසුව පවත්වාගෙන යා නොහැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    එමෙන් ම 17දා මධ්‍යම රාත්‍රියෙන් පසු කිසි ම නිවේදිත මධ්‍ය කාර්යාලයක, දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයන්ට පිහිටුවිය හැකි කාර්යාලයක හෝ අපේක්ෂකයා පදිංචි නිවසේ ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශනය කිරීම ද සිදු කළ නොහැක. එබැවින් එවැනි ස්ථානවල ඇති සියලුම ප්‍රචාරක පුවරු හා සැරසිලි 17දා මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
     
    18 වැනි දා ස්ථාන පරීක්ෂා කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මූලස්ථානවල පොලිස් නිලධාරීන්ගෙන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් පැමිණෙනු ඇත. 
     
    අවසරලත් පක්ෂ කාර්යාලවල ඇති ප්‍රචාරක පුවරු ඉවත් කරවීම 18දා සිට සිදු කරනු ලැබේ. එමෙන් ම 19දා පෙරවරුවේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති පක්ෂ කාර්යාල ද ඉවත් කරගත යුතු අතර ඡන්ද විමසීම් නීතියට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන කාර්යාල වෙතොත් ඒවා ඉවත් කිරීමට ද පියවර ගනු ඇත.
     
    සාමකාමී හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීමට සඳහා මෙම කරුණුවලට සහය දක්වන ලෙස සියලු ම අපේක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලා සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya