මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපි වෙනුවෙන් අපි" අරමුදලට යුනිලීවර් සමාගමෙන් අධාර Featured

    සැප්තැම්බර් 12, 2014
    "අපි වෙනුවෙන් අපි" අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (11) යුනිලීවර් සමාගම විසින් බාරදෙන ලදී.
     
    ආරක්ෂක සේවා සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කර රට වෙනුවෙන් ඔවුන් විසින් කරන ලද මහගු කාර්යයට කළගුණ සැලකීම පිණිස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දෙස් විදෙස් අනුග්‍රාහකයන්ගේ මුල්‍ය දායකත්වයෙන් "අපි වෙනුවෙන් අපි" අරමුදල ආරම්භ කොට ඇත. ඒ යටතේ අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ඉඩමක් ඇති එහෙත් නිවසක් සාදා ගැනීමට හැකියාවක් නොමැති ත්‍රිවිධ හමුදා රණ විරුවන් වෙත නිවාස තනා දීම සිදු කරනු ලබයි.
     
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ‍සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම නිවාස ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන අතර නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ත්‍රිවිධ හමුදා රණ විරුවන් විසින් ලබාදෙනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya