මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැණසලට ලැබුණු ඩොලර් දශ ලක්ෂය නැණසල මධ්‍යස්ථානවල සංවර්ධනයට Featured

    සැප්තැම්බර් 11, 2014

    ලෝකයේ විශිෂ්ටත ම ග්‍රාමීය  තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස  ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වු “නැණසල” ව්‍යාපෘතියට ලැබුණු මුදල් ත්‍යාගය නැණසල මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) තීරණය කර ඇත.


    අන්තර්ජාතික බිල් ගේට්ස් අධ්‍යන ප්‍රවේශ සම්මානය සහ ඇමරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් නැණසල ව්‍යාපෘතියට පිරිනැමිණි. මීට අමතරව තවත් ඇමරිකානු ඩොලර් දශ ලක්ෂයක් වටිනා මෘදුකාංග ද මෙරටට ප්‍රදානය කෙරිණි. පසුගියදා මෙම සම්මාන ප්‍රදානය ප්‍රංශයේදි පැවැත්විණි.

    ‍2004 වසරේ දී සියයට හතරක මට්ටමේ පැවති මෙරට තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාව මේ වන විට සියයට හතළිහ දක්වා වර්ධනය වී තිබෙන බවත්, නැණසල ව්‍යාපෘතිය ඊට ප්‍රධාන රුකුලක් වු බවත් නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.


    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් වන නැණසල දහස වැඩසටහනේ  ඉලක්ක මේ වසර අවසන් වීමට පෙර සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බවත්, නැණසල මධ්‍යස්ථාන මගින් ලබා දෙන මහජන සේවාවන් තවත් පුලුල් කිරීමට අපේක්ෂා කරන බවත් දේවපුර මහතා පවසයි.

     

    මේ වන විට දිවයින පුරා පිහිටුවා තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන අටසිය දහයකි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya