මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් සාක්ෂර දිනය සැප්: 08

    සැප්තැම්බර් 08, 2014

    ජගත් සාක්ෂර දිනය අදට (08) යෙදී ඇත. ඊට සමගාමීව පැවැත්වෙන ජාතික සමරු වැඩසටහන අද පෙරවරු 9.30 සිට කළුඅග්ගල ලෙෂර්වර්ල්ඩ්හි දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ. මෙම ජාතික වැඩසටහනෙහි මූලික අරමුණ වන්නේ අවාසිදායක පරිසරවල ජීවත්වන පාසල් යායුතු වයසේ පසුවන, පාසල් නොයන දරුවන්ට අධ්‍යාපනික හා විනෝදාත්මක ක‍්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබාදීම සහ එමඟින් ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයට අවස්ථාව සලසා දීමයි.

     

    මේ සඳහා දිවයිනේ සියලු ම පළාත්වල පිහිටි ප‍්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථාන යටතේ පැවැත්වෙන සාක්ෂර පන්ති සඳහා සහභාගී වන සිසු දරුවන්, සාක්ෂර පන්ති උපදේශකවරුන්, ව්‍යාපෘති සහායකයන්, නොවිධිමත් අධ්‍යාපන විෂය සම්බන්ධ පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

     

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන ශාඛාවේ මැදිහත්වීමෙන් මෙම ජාතික වැඩසටහන ක‍්‍රියාවට නැංවෙයි.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya