අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළී අනුපාත ප්‍රතිපතිපත්තියේ කිසිඳු වෙනසක් රජය විසින් සිදු කර නැහැ - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 07, 2020

    2014 වසරේ සිට ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ පොළී අනුපාත වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඉහළ පොළී අනුපාතයක් ලබා දුන් මෙම ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් මෙතෙක් සිදු කර නොමැති බව මුදල් අමාත්‍යංශය නිල වශයෙන් දැනුම් දුන් බව උසස් අධ්‍යාපන, නවෝත්පාදන, තාක්ෂණ හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා අද (07) සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හා පොළී අනුපාත පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

    පොළී සඳහා බදු සහන ඉවත් කරනවා වෙනුවට පොළී සදහා බදු සහනය තවදුරටත් වැඩි කරලීම සිදු කර ඇති බවත් රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට එතෙක් පැවති බදු නිදහස් මාසික පොළී අදායම වූ රුපියල් 150,000 රුපියල් 250,000 ක් දක්වා ඉහළ දැමු අතර ඒ අනුව වසරකට රුපියල් 3,000,000 ක් දක්වා අදායම බද්දෙන් නිදහස් කර තිබේ.

    ඒ අනුව, කිසිදු බදු සහනයක් ඉවත් කර නොමැති බවත්  කිසිඳු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට අසාධාරණයක් සිදු වී නොමැති බව මෙහි දී සඳහන් කළ ඒ මහතා, රජයේ අනාගත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය වන්නේ මෙරට සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව ණය පොළී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් පත් කිරීම වෙතට විචක්ෂණ ශීලි මුල්‍ය කළමනාකරණයක් ක්‍රියාත්මක කිරීම බවත්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දේශපාලන අරමුණින් යුතුව එල්ල කරන චෝදනා අසත්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya