අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුමට අමාත්‍ය අනුකමිටුවක්

    මාර්තු 22, 2017

    හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තු ප්‍ර‍තිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (22) පාර්ලිමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම, අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් මෙම කමිටුවේ අනෙකුත් සමාජිකයන් වෙති.

    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා රජයට අයත් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගම අතර අනුග්‍ර‍හක ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ.

    ඒ යටතේ දැනට වැඩ කටයුතු නිම වී ඇති හම්බන්තොට වරායේ අදියර Iඅදියර II ද යෝජිත අදියර III ඇතුළත් වන පරිදි වරායේ ඉදිරි සැලසුම් සකස් කිරීම, මූල්‍ය සම්පාදනය, මෙහෙයුම් ප්‍ර‍වර්ධනය කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙඟින් අරමුණු කෙරේ.

    නීතිපතිවරයා විසින් මෙම ගිවිසුමට නිෂ්කාශනය ලබාදී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය මඟින් රටේ සංවර්ධනයට දැවැන්ත කාර්යභාරයක් ඉටුවන බවත් ණයබරින් ජනතාව මුදවා ගැනීමටත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya