අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය,යොවුන් කදවුරේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් Featured

    මාර්තු 11, 2017

    දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කඳවුරේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

    යොවුන් කඳවුර වෙත පැමිණි ජනාධිපතිතුමා තරුණ තරුණියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, ඩබ්ලිව්.ඩී.ෙජ්. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න,රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya