අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියා ෆැසිපික් කළාපයේ ඊ-හෙල්ත් සමුළුවේ දී සෞඛ්‍ය ඇමැති කරුණු දක්වයි Featured

    මාර්තු 12, 2017

    රටවල් 30 කට අධික සංඛ්‍යාවක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මියන්මාරයේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපයේ ඊ-හෙල්ත් සමුළුවට සහභාගීවීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේය.

    පසුගිය 07 වැනි දා සිට 10 වැනි දා දක්වා පැවති මෙම සමුළුව ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය සහ  ආසියානු සංවර්ධන බැංකුව මෙම සමුළුව සංවිධානය කර තිබිණි. මෙම සමුළුවේ දී සෞඛ්‍ය දත්ත සකස් කිරීම සහ සැළසුම් සකස් කිරිම තුළින් සෞඛ්‍ය වියදම් අවම කරගැනීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

    මෙම සමුළුවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ආසියා ෆැසිපික් කළාපයේ ඊ-හෙල්ත් ජාලය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කරුණක්. ජාතික සෞඛ්‍ය තොරතුරු පද්ධතියේ සංවර්ධනය පිළිබඳව අදහස් පළ කිරීමට මම සුදානම්. සෞඛ්‍ය දත්ත ලබාගැනීම අභීයෝගයක්. අඩු ආදායම්ලාභී රටවල සෞඛ්‍ය දත්ත ලබාගැනීමත් ප්‍රශ්නයක්. ඊට හේතුව මානව සම්පත් හිඟයයි. නමුත් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු, හෙද නිලධාරීන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමන්චිත ශ්‍රම බලකායක් සිටිනවා. එම ශ්‍රම බලකායෙන් ලබාගන්නා තොරතුරු පිළිබඳව සතුටු විය හැකියි.”

    "ශ්‍රී ලංකාව අඩු අදායම්ලාභී රටක් වුවද 1947 න් පසුව ද එංගලන්තය පවා අපේ රටේ සෞඛ්‍ය සංවර්ධනයට දායක වී තිබෙනවා. අප රට තුළ කාන්තා ආයු අපේක්ෂාව අවුරුදු 80 ක් වන අතර, පුරුෂ ආයු අපේක්ෂාව අවුරුදු 72 මට්ටමක පවතිනවා. දරු උපත් අනුපාතය, ඉපදෙන විට මිය යන දරුවන්ගේ සහ මවිවරුන්ගේ ප්‍රතිශතය අවමවීම ද ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ අතර වෙනවා. මෙරට දල ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණක් සෞඛ්‍ය සේවාවට වැය කරනවා. මෙරට සෞඛ්‍ය සේවාවට තොරතුරු හා තොරතුරු සන්නිවේදන ක්‍රමවේදය හඳුන්වා දුන්නේ 2008 වසරේ සිටයි. තොරතුරු සන්නිවේදනය තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ ආසියානු ෆැසිපික් කළාපයේ පළමු රට මෙන්ම ලොව දෙවන රට බවට පත්ව තිබෙනවා. සෞඛ්‍ය තොරතුරු දැනුම දෙන විශේෂඥ රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්න පුළුවන්.”

    "යහපාලනයේ මූලධර්ම 08 ක් තිඛෙනවා. සාමුහික තීරණ ගැනීම, වගවීම, පාරදෘශ්‍යභාවය, කාර්යක්ෂම හා ඵලදායීතාවය, නීතිය හා සාමය ආරක්ෂා කිරීම එම මුලධර්ම 08 වෙනවා. රටේ සියලු පාර්ශ්වයන් එම මූලධර්ම සමග බැඳී කටයුතු කරනවා. මෙම යහපාලන මූලධර්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතුළත් කිරීමට නම් සියලු ක්ෂේත්‍රවල තොරතුරු හා අදහස් ගොනුකර ගැනීමෙන් කටයුතු කළ යුතුයි. තොරතුරු තාක්ෂණය ජනතාව තුළට ගෙනයාම තමයි වැදගත්. සෞඛ්‍ය තොරතුරු තාක්ෂණය දියත් කිරීමේ දී යහපාලන මූලධර්මයට අනුගතව කටයුතු කළ යුතුයි. රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගේ සිදුවන මරණවලට හේතුන් පිළිබඳ තොරතුරු ලේඛණයක් පවත්වාගෙන යාම ඉතාම වැදගත්. එය සෞඛ්‍ය ප්‍රතිපත්ති සැළසුම් කිරීමේ දී ඉතා වැදගත් වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී පසුගිය කාලයේ තිබූ දත්ත ප්‍රමාණවත් නැහැ. පැරණි දත්ත තිබුනේ. 2010 වනතුරු පමණ ලෝක බැංකු ආධාර මත දත්ත ලබාගැනීම සදහා සියළුම රෝහල්වල දත්ත ලබාගැනීමේ ව්‍යාපෘතියක් දියත් කළා. එය මේ වනවිට සියයට 63 ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිඛෙනවා. 2015 දක්වා අවශ්‍ය දත්ත ලබාගෙන ඇති අතර, 2017 වර්ෂය අවසාන වන විට දත්ත ලබාගැනීම සම්පුර්ණ කරනවා. තව ද තොරතුරු පද්ධති ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි. සියලුම රෝහල්වල තොරතුරු එහි ඇතුළත්.”

    මෙම අවස්ථාවට ආසියා ඊ-හෙල්ත් ජාලයේ සභාපති Dr. Boonchai Kijsanayotin, Dr. Alvin Marcello, Excecutive Director of the Asia E-Health Network, Prof.Vajira H.W.Sissanayake, President, Health Informatics Socity,  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya