අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ක්‍රීඩකයින්ගේ විදෙස් සංචාරවල සිදු වූ අක්‍රමිකතා පිළිබඳ විශේෂ විමර්ශනයක්

    මාර්තු 03, 2017

    පසුගිය කාලයේ පාසල් ක්‍රීඩා නිලධාරීන් විදෙස් තරග සංචාර ස‍ඳහා සහභාගි වු ආකාරය සහ පාසල් ක්‍රීඩකයින් තරග සංචාර සඳහා සහභාගි කරවූ ආකාරය පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ විදෙස් තරග සංචාර සඳහා පාසල් ක්‍රීඩකයින් රැගෙන යාමේ දී සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයන් පිළිබඳ පැමිණිලි සහ තොරතුරු වාර්තාවීමත් සමඟයි.

    පාසල් ක්‍රීඩා සංගම් ද සම්බන්ධ කර ගනිමින් පාසල් දරුවන් විදෙස් තරග සංචාර සඳහා රැගෙන යාමේදී විශාල මුදලක් අය කිරීම, ඇතැම් නිලධාරීන් පාසල් ක්‍රීඩකයින්ගේ මුදල් යොදා ගනිමින් තම හිතවතුන් හා පවුල්වල සාමාජිකයන් නොමිලේ මේ තරග සංචාර සඳහා සහභාගි කරවීම, ක්‍රීඩකයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර යොදා ගනිමින් ගුවන් තොටුපලේ තීරබදු  රහිත සාප්පු සංකීර්ණයෙන් මිල අධික මත්පැන් මිලදී ගැනීමේ සිදුවීම් ආදී වාර්තා වී ඇති කරණු මත පදනම් ව මෙම විමර්ශනය සිදු කිරීමට අමාත්‍යවරයා නියෝග කර තිබේ.

    මීට අමතරව ජාතික පාසල්වල ක්‍රීඩා දක්ෂතා දක්වන සිසුන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කර ගැනීමේ දී සිදුවී ඇති බවට සැලකෙන අක්‍රමිකතාවන් පිළිබඳව ද කරුණු සොයා බලා වාර්තා කරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya