අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් දින කටයුතු ගැන ජාත්‍යන්තරය අගයයි

    මාර්තු 03, 2017

    2017 මැයි 12,13,14 ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළල වෙනුවෙන් මේ දක්වා සිදු කර තිබෙන සංවිධානය කිරීමට මෙතෙක් ඉටු කරන ලද කාර්යය භාරය අධ්‍යනය කර, සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුවේ පූර්ණ අනුමැතිය ලැබී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.

    2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ දෙවන දින ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    2017 මැයි මස 12 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, “Buddhist Teaching for Social Justice and Sustainable Peace” තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වේ. මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය පවසයි.

    ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගී වීමට නියමිතය,

    වෙසක් දින උළෙල සංවිධානය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක අමාත්‍ය අනු කමිටුව හා මෙම උළෙලේ සංවිධාන කටයුතු සම්බන්ධව අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටු 10ක් ක්‍රියාත්මක වේ.

    එම කමිටු විසින් සිදු කරන සියලු කාර්යය භාරයන් වෙන වෙනම අධීක්ෂණය කරමින් එම කමිටුවල සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව සතුටට පත් වූ බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියන් පවසයි.

    සංඝරාජ හිමිවරුන්, මහා නායක හිමිවරුන්, ජත්‍යන්තර බෞද්ධ ස්වාමීන් වහන්සේලා, බෞද්ධ රාජ්‍ය නායකයින්, විදේශ ආරාධිතයන් ඇතුළු නියෝජිතයින්, නීරීක්ෂකයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම උළෙලට සහභාගීවන බව මේ වන විට එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයට දැනුම් දී ඇති අතර, මේ වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්, විශේෂ දළදා පෙරහැරක් හා මහා සංස්කෘතික උළෙලක් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. දියවන්නා වෙසක් කලාපය, බෞද්ධ අධ්‍යාත්මික වැඩසටහන්, භාවනා වැඩසටහන්, බෞද්ධ සැරසිලි, දානමය පූජාවන් ඇතුලු ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් එම කටයුතු සංවිධානය කර ඇති බව වෙසක් දින ලේකම් කාර්යාලය පවසයි.

    අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡා පැවති අතර, ඒ සඳහා  එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියන්, ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ සභාපති ජාත්‍යන්තර වෙසක් දින කමිටුවේ විධායක සභික බන්තේ ගුණරතන හිමි, තායිලන්තයේ මහාචාර්ය Hansadhammahaso හිමි, චීනයේ ආචාර්ය Yuan ci හිමි ඇතුළු මහා සංඝරත්නය හා වියට්නාමයේ මහාචාර්ය  Le Manh That, චීන රජය නියෝජනය කරමින් එරට ආගමික කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ Won lee, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, වෙසක් දින කමිටුවේ විධායක සභිකයන් වන ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සම්බන්ධිකරණ නිළධාරී හර්ෂ බී අබේකෝන්, නීතීඥ නිලන්ත කුමාරගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව වෙසක් දින ලේකම් කාර්යාලය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya