අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන අධිකරණ පද්ධතියක් ගොඩනැගීමට කැපවනවා - ජනපති Featured

    පෙබරවාරි 26, 2017

    අපක්ෂපාතී, ස්වාධීන සහ ආදර්ශමත් අධිකරණ පද්ධතියක් රට තුළ ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රුපියල් මිලියන 382 ක වියදමින් නිම කිරීමට අපේක්ෂිත පොලොන්නරුව නව අධිකරණ සංකීර්ණයට ඊයේ (25) මුල්ගල තබමිනි.

    යුක්තිය පසිඳලීමේ කාර්යය භාරය වඩාත් කාර්යක්ෂමව, ඵලදායී ලෙස ජනතාවට ලබාදීමේ අරමුණින් දීර්ඝකාලයක් මුළුල්ලේ පොලොන්නරුව අධිකරණ කාර්යාලවල පැවති ඉඩකඩ ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදෙමින් මෙම නව අධිකරණ සංකීර්ණය ඉදි කෙරේ.

    මහේස්ත‍්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහා අධිකරණ, විනිසුරු නිළ නිවාස, ලේඛණාගාර, කම්කරු විනිශ්චය සභා, නීතිඥවරුන්ගේ කාර්යාල ඇතුළුව අංගසම්පූර්ණ, නවීන පහසුකම්වලින් සමන්විතව නව අධිකරණ සංකීර්ණය ඉදි කෙරේ.
    පසුගිය දෙවසර තුළ මෙරට අධිකරණ ක්ෂේත‍්‍රයට ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද චෝදනා එල්ල නොවන ලෙස කටයුතු කිරීමට හැකිවීම පිළිබඳ ජනාධිපතිවරයා ලෙස තමා සතුටුවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අධිකරණ ක්ෂේත‍්‍රයේ සියලුදෙනාට නිදහස් මනසකින් සහ තෘප්තිමත්ව සිය රාජකාරී ඉටුකළ හැකි පරිසරය ගොඩනගා දීමේ වගකීම වත්මන් රජය විසින් ඉටු කරන බව ද කියා සිටියේය.

    ඉදිරි සතියේදී සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිත අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් මහතාගේ සේවා කාලය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
     
    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ද අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන්, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් සහ අධිකරණ හා නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් ද, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya