අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික පොලොන්නරුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 21,000ක්

    පෙබරවාරි 27, 2017

    පොලොන්නරුව නගර සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) පොලොන්නරුව මධ්‍යම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ උපදේශන කාර්යාංශ ශ‍්‍රවණාගාරයේදී මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව කාර්යාලයේ නිලධාරීන්, මධ්‍යම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ උපදේශන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    ඓතිහාසික පොලොන්නරුව නගරයේ ඓතිහාසික බව රැකගනිමින් මහානගර සහ බස්නාහිර අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාත්මක කරනු ලබන ‘සුඛිත පුරවර’ වැඩසටහන යටතේ මෙම නාගරික සංවර්ධන වැඩසටහන කි‍්‍රයාත්මක වේ.


    ඓතිහාසික පොලොන්නරු නගරය කලාප 03 ක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතය. ඒ අනුව ඓතිහාසික නගරය, කදුරුවෙල වාණිජ නගරය, නව නගරය පරිපාලන නගරය ලෙස සංවර්ධනය කිරීම සිදු කෙරෙනු ඇත.

    කි‍්‍රයාත්මක වන හා කි‍්‍රයාත්මක කිරීමට නියමිත සෑම සංවර්ධන ව්‍යාපෘතියකට පෙර නඩත්තු කටයුතු කරගෙන යාම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සකස් කළ යුතු යැයි අමාත්‍යවරයා නිලධාරීන් අමතා පැවසීය.

    තවද ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති කළමනාකරණය,  රථවාහන තදබදයට නිසි සැලැස්මක් සකස් කිරීම ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමුකර කටයුතු කළ යුතු යැයි ද පැවසීය. පොලොන්නරුව වැනි වියළි කලාපයක වැසි ජලය එක්රැස් කර ජනතාවගේ ජීවිතයේ අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමට ද වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතු ය.

    පසුගිය සමයේ කි‍්‍රයාත්මක කළ නගර සංවර්ධන වැඩසටහන්, නාගරික උද්‍යාන අද වන විට කිසිදු නඩත්තුවක් කිරීමට නොහැකිව විනාශ වී ඇති බවත් එම විනාශයේ චෝදනාව වත්මන් රජය වෙත එල්ල වී ඇති බවත්, නමුත් යතාර්ථය නම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට පෙර නඩත්තු කිරීම සඳහා සැලැස්මක් නොතිබූ බවයි. මින් ඉදිරියට කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘතීන්ට ඉදිරි නඩත්තු කටයුතු සඳහා සුදුසු වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කරන ලෙසත්, 2020 වන විට පොලොන්නරුව නගර සංවර්ධන වැඩපිළිවෙළේ ආරම්භක ව්‍යාපෘති නිම කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම සාකච්ඡාවෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘතින් හි ප‍්‍රගතිය සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවක ද අමාත්‍යවරයා නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya