මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැළිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පිළිබඳව සභාව දැනුවත් කරනවා

    පෙබරවාරි 08, 2017

    වසර 2012 නොවැම්බර් 09 දින වැළිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පිළිබඳව පොලීසිය විභාගකරගෙන යන බවත් සැඟවීමට කිසිවක් නොමැති බවත් පොලීසියේ වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    වසර 2012 නොවැම්බර් 09 දින වැළිකඩ බන්ධනාගාරයේ ඇති වූ  වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව  ආණ්ඩුව ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.


    වැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කර  අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කොමිටිය 2015 ජනවාරි 20 දින පත් කරනු ලැබුවා. කොමිටුව මඟින් සකස් කළ විමර්ශන වාර්තාව ජූනි මස 09 දින අධිකරණ අමාත්‍යතුමා වෙත බාර දී තිබෙනවා. එම නිර්දේශ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හින්දු කටයුතු, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනටම අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

     

    එසේම එහි වාර්තාවක් පොලිස්පතිවරයාට යොමු කර තිබෙනවා. විමර්ශන වර්තාව නිර්දේශ කොට ඇති පරිදි සිද්ධියෙන් මිය ගිය සිරකරුවන් 16 දෙනා සඳහා එක් අයකු වෙනුවෙන් ඔවුන්ගේ ළඟම ඥාතියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් බැඟිනුත්  තුවාල ලැබූ සිරකරුවන් වෙනුවෙන් එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලකුත් ලබාදීමේ වැඩපිළිවෙලක් කැබිනට් තීරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටි බව බන්ධනාගාර අමාත්‍යතුමා විසින් මා වෙත වාර්තා කර තිබෙනවා.

     

    අනෙකුත් සියලු නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කරනවා. පොලිස් වාර්තාව ලැබෙන්නට තිබෙනවා. ඒ ගැන දැනුවත් කරන්නම්.  මේ මනුෂ්‍ය ඝාතනය රජයක් ලෙස අප තරයේ හෙළා දකින බව අවසන් වශයෙන් අවධාරණය කරනවා. ඝාතනයන් සම්බන්ධයෙන් පොලීසියේ වාර්තා ඉල්ලා තිබෙනවා.මේ පිළිබඳව පියවර ගෙන තිබෙන්නේ 2016 වර්ෂය තුළයි. වාර්තාව සභාවට ලබාදෙන්නට පුළුවන්. පොලීසියේ වාර්තාව ලැබුණාම අපි දැනුම් දෙන්නම්. පොලීසිය ඒ ගැන විභාගකරගෙන යනවා. රජයට වුවමනා නිසයි කොමිටිය පත් කළේ. සඟවන්න කිසිදෙයක් නෑ. පොලීසිය ගත් පියවර පිළිබඳව දැනුම් දුන් පසු සභාව  දැනුවත් කරන්නම් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya