අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුබැද්ද නාගරික වන උද්‍යානය ජනපති අතින් විවෘත කෙරේ

    පෙබරවාරි 08, 2017

    ඩිල්මා තේ සමාගම විසින් කටුබැද්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාගරික වන උද්‍යානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින්   විවෘත කෙරිණි.

    ජෛව විවිධත්වය පිළිබඳ දැනුම ලබාදීමටත්, ස්වභාවධර්මයේ සුන්දරත්වය සහ මනස සන්සුන් කිරීමට උපකාරී වන අයුරින් ඩිල්මා අධිපති මෙරිල් ජේ. ප‍්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව රුපියල් මිලියන 250 ක වාණිජ වටිනාකමක් සහිත මෙම නාගරික වන උද්‍යානය නිර්මාණය කර තිබේ.

    අක්කර 09 ක භූමි භාගයක පිහිටා ඇති උද්‍යානය ශාක වර්ග 500 කට අධික සංඛ්‍යාවක් මෙන්ම සම්ප‍්‍රදායික කෘෂිකර්ම ක‍්‍රම විදහා දැක්වෙන ඇළ මාර්ග, හේන් වගාව මෙන්ම පළතුරු වගාව ද සිදු කර තිබේ.

    පළතුරු පැළ දසදහසක් රෝපණය කිරීමේ වැඩසටහන ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

    නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා ද ඩිල්මා අධිපති මෙරිල් ජේ. ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ මණ්ඩලය වන ඩිල්හාන් සී. ප‍්‍රනාන්දු, මලිත් ජේ. ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    නාගරික උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව ඩිල්මා ආයතනය විසින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පවත්වාගෙනයනු ලබන ළමා මධ්‍යස්ථානයේ ද ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහි නේවාසික දරුවන්ගේ සුවදුක් විමසු ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් ගීත ගායනයකට ද එක් විය.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya