අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සහය Featured

    ජනවාරි 17, 2017

    ශ්‍රී ලංකාව වෙත සහය දැක්වීමට තමාත්, තම ආයතනයත් හැම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කැපවන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලී ඡුආන් (Jin Liqun) මහතා පැවසීය.

    ඩවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු සැසිවාරය අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවෙමින් ජුආන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ යටිතල පහසුකම්, මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය, නාගරික සංවර්ධන ආදී ක්ෂේත්‍ර‍ ගණනාවක් සඳහා ආධාර, ණය සහ පහසුකම් සැපයීමට තම බැංකුව ක්‍රියා කරන බවය.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් සහය අගය කළ වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඉදිරියේදී ද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ උපරිම සහය ශ්‍රී ලංකාව වෙත ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ද පැවසූහ.

    මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya