මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ඇමැතිගෙන් සියලු ම අමාත්‍යවරුන්ට විශේෂ ලිපියක් Featured

    ජනවාරි 17, 2017
    රාජ්‍ය ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වර්ධනය වී ඇති බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන 24 දා සියලු ම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සියලු ම කැබිනට් අමාත්‍යවරුන්ගෙන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටී. 
     
    ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයතන පරික්ෂා කිරීම එම ආයතන විසින් ම සිදු කළ යුතු අතර, ඉන් පසු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරින් විසින් ලබන 25, 26 සහ 27 යන තෙදින සියලු ම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමට නියමිතව ඇත. 
     
    2016 වසරේ දී පමණක් ඩෙංගු රෝගීන් 54,727 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 78 කි. පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණ දත්තවලට අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට 65ක ද, ආගමික ස්ථානවලින් සියයට 70ක ද, පාසල්වලින් සියයට 60ක ද, ඉදිකිරීම් පරිශ්‍රවලින් සියයට 58ක ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව සොයාගෙන ඇත. 
     
    2017 වසරේ දී ගත වූ දින 17 තුළ හමු වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1311 කි. කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නොමැත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya