අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් කිරීමට කොකා කෝලා සමාගමේ අවධානය

    ජනවාරි 17, 2017
    ශ්‍රී ලංකාව කොකා කෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ කලාපයේ වැඩිම කොකා කෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවයි. මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේ ම රැකියා අවස්ථා රැසක් ද උදාකර ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති. 
     
    එම සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි (Jhon Murphy) සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන් (Irial Finan) යන මහත්වරුන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග පසුගියදා පැවැති හමුවක දී මෙම කරුණු අනාවරණ විය. හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 
     
    ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ආශ්‍රිත නිෂ්පාදනය ප්‍රයෝජනයට යොදා ගෙන, කොකා කෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇති කර, ඒවා ප්‍රති අපනයනයට ඇති ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් ද ඔවුහු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්ඡා කළහ. සිය නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ පවතින බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකා කෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාව විය. 
     
    විදේශ ආයෝජන සඳහා වූ බදු අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකරණ ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන එම සමාගම් ප්‍රධානීහු ශ්‍රී ලංකා රජය දැනට විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව  ඇගයීමට ද ලක් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya