මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට නවක නිලධාරීන් 198ක් Featured

    ජනවාරි 17, 2017

    වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන සමයට පසුව වසරක සේවාරම්භක පුහුණුවක් ද සමඟින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට නවක නිලධාරීන් 198 දෙනෙකු බඳවාගැනීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියේ පත්වීම්ලාභී නවක නිලධාරීන්ගේ සේවා ප්‍රවිෂ්ට සමාරම්භක උත්සවයට ඊයේ (16) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    දේශපාලන හා පුද්ගලික හිතවත්කම්වලින් තොරව විවෘත හා විනිවිදභාවයකින් යුක්ත ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත සුදුසුකම් සහිත දක්ෂයින්ට එකතුවීමට අවස්ථාව සලසා දීම සඳහා තමා කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව  ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින දැඩි නිලධාරී හිඟයට පිළියම් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට නිලධාරීන් බඳවාගැනීමේ තරග විභාග 2016 වසරේ දී පවත්වනු ලැබු බව ද ප්‍රකාශ කළේය.

     

    ඒ අනුව පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත 198 දෙනෙකු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියේ පත්වීම් සඳහා සුදුසුකම් ලබා සිටින බවත් අධ්‍යාපන පරිපාලන සේවයේ ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම වසරේ සිට සෑම වසරකම ඒ සඳහා තරග විභාග පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මෙම නවක පත්විම්ලාභීන් අද (17) සිට මාස 12 ක සේවාරම්භක පුහුණු වැඩසටහන සඳහා  මහරගම, ව්‍යවසායකත්ව කළමනාකරණ අධ්‍යාපන විද්‍යාපීඨයට යොමු කරන අතර පුහුණු වැඩසටහන අවසානයේ දී දිවයින පුරා පිහිටි පළාත් අධ්‍යාපන කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ  ජාතික පාසල්වල පවතින පුරප්පාඩු අනුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විෂයය අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් මෙම නිලධාරින් ස්ථාන ගත කරනු ඇත.

     

    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya