අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයක්

    දෙසැම්බර් 07, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ලබන  15 වැනි දා සිට 17 දින දක්වා සිදු කිරීමට නියමිත මැලේසියාවේ නිල සංචාරය තුළ ද්විපාර්ශවීය ගිවිසුම් කිහිපයක් ම අත්සන් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    පාර්ලිමේන්තු සංකීරණයේ අද (07) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (06) ලැබී ඇති අතර එම යෝජනාව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

    පහත සඳහන් ගිවිසුම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    * සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම්හි සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * පුහුණු, පර්යේෂණ හා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සහයෝගිත‍ාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියානු කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම.

    * ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ මැලේසියාවේ වැවිලි කර්මාන්ත හා පාරිභෝගික භාණ්ඩ අමාත්‍යාංශය අතර වන අවබෝධතා ගිවිසුම.

    * සංස්කෘතික, කලා හා උරුමය පිළිබඳ ක්ෂේත්‍රයෙහි සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * තරුණ සංවර්ධන ක්ෂේත්‍රයෙහි සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya