අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඩ මුදල් වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමට පෙර මාර්ග අනතුරුවල අඩුවක්

    දෙසැම්බර් 07, 2016

    මාර්ග නීති කඩකිරීම වෙනුවෙනුන් අයකරනු ලබන දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර ම මාර්ග අනතුරුවල අඩුවක් දක්නට ලැබෙන බවට වාර්තා ලැබී ඇති බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    දිනකට අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාව 8 සිට 2 දක්වා අඩුවී තිබෙන බවට වාර්තා වී තිබෙන බව අද (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා පෙන්වා දුන්නේ  රිය අනතුරු ලෝකයේම ප්‍රශ්නයක් වී තිබෙන බවයි. වසරකට මිලියන 12 වැඩි පිරිසක් රිය අනතුරුවලින් මිය යන බවට වාර්තා ලැ‍බී තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මාර්ග නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දඩමුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් විශාල ජනතා කැමැත්තක් තිබුණු බවත් මහජනතාව වෙනුවෙන් යහපත් මාර්ග සංස්කෘතියක් ඇති කිරීම වැදගත් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya