අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "HONLEA" සමුළුව ඔක්තෝම්බර් 24 දා ඇරඹේ

    ඔක්තෝබර් 22, 2016
    ආසියානු ශාන්තිකර කලාපීය මත්ද්‍රව්‍ය පිළිබද ජාතික ආයතනයන්හි ප්‍රධානීන්ගේ 40 වන සමුළුව හෙවත් "HONLEA" සමුළුව ඔක්තෝම්බර මස 24 -27 දක්වා තොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 
    මෙහිදී ආසියා හා ශාන්තිකර කලාපය තුළ වර්ධනය වෙමින් පවතින්නාවු මත්ද්‍රව්‍ය ගැටළුව සම්බන්ධව සහ ඖෂධ දුර්භාවිතය පිළිබඳව වන ගැටළු සඳහා විසඳුම් සෙවීමේ සාකච්ඡාවක නිරතවනු ඇත.
     
    මේ සඳහා නීතිය බලාත්මක කිරීමේ , මහජන ආරක්ෂාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන 100කට අධික නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
     
    "HONLEA"සමුළුව අවසානයේ ඔක්තෝම්බර් මස 28 සහ 29 යන දෙදින තුළදී එක්රුස්වීමට නියමිත ඉන්දියානු සාගර කලාපීය රටවල මත්ද්‍රව්‍ය  නීතිය බලාත්මක කිරීමේ ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විතවු එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යංශය යටතේ අධීක්ෂණය වන ගොලීය -නාවුක අපරාධ පිළිබඳ හමුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම සමුළු දෙකෙහිම  සත්කාරකත්වය නීතිය හා සාමය සහ දක්ෂින සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ හා අන්තරායකර ඖෂධ පාලක ජාතික හණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. 
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya