අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැප්තැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.5 ක් Featured

    ඔක්තෝබර් 21, 2016
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 සැප්තැම්බර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 113.5 ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
    සැප්තැම්බර් මාසයේ දර්ශකය අගෝස්තු මාස‍යේ දර්ශකය (113.3) හා  සංසන්දනය කල විට 0.2ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 0.2ක වැඩිවීමක් වාර්තා වේ. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.07% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.18% කින් වැඩිවීම බලපා ඇති බව  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ප්‍රකාශ ක‍ලේය. 
     
    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව  වාර්ෂික උද්ධමනය 2016 සැප්තැම්බර් මාසයේ 4.7% ක් ලෙස ගණනය කර ඇති ‍අතර උද්ධමනය 2016 අගෝස්තු මාසයේදී 4.5% ක් විය. 2016 සැප්තැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 2.1% ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.7% ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. 
     
     
    2016 අගෝස්තු මාසය හා සසඳන කල 2016 සැප්තැම්බර් මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.07%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම වැඩිවීම සඳහා කෙසෙල්, පැපොල්, දෙහි, ලොකුළූණු, සහල්, පොල්, අඹ, කුකුල් මස්, මයිසූර් පරිප්පු, අන්නාසි, කඩල සහ වියළි හාල්මැස්සන් යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.
     
    එසේ වුවත් එළවළු, අමු මිරිස්, බිත්තර, අර්තාපල්, අළුත් මාළු සහ තිරිඟු පිටි යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.
     
    2016 අගෝස්තු මාසය හා සසඳන කල 2016 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.18%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’, ‘අධ්‍යාපන’, ‘රෙදිපිළි හා පාවහන්’, ‘විවිධ භාණ්ඩ හා සේවා’ සහ ‘ආපනශාලා හා හෝටල්’ යන කාණ්ඩවල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. පසුගිය අගෝස්තු මාසය හා සසඳන කල ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ කාණ්ඩයේ සුළු වැඩිවීමක් වාර්තා වී ඇත. මෙම මාසයේ ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, ‘සෞඛ්‍ය’, ‘ප්‍රවාහන’, ‘සන්නිවේදන’, සහ ‘විනෝදාත්මක හා සංස්කෘතික’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි. ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා පුවක් සහ බුලත්වල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, ‘අධ්‍යාපන’ කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර පාසල් ගාස්තු වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya