අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙට ජනපති ප්‍රධානත්වයෙන් Featured

    සැප්තැම්බර් 27, 2016
    ලෝක තොරතුරු දැන ගැනීමේ දිනය සමරමින් මේ මස 28, 29 යන දිනයන්හි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වේ. 
    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මෙහිදී අදහස් දැක්වු කරුණාරත්න පරණවිතාන මහතා, මෙහිදී ලෝකයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය, ජනමාධ්‍ය නියාමනය හා ජනමාධ්‍යයේ වර්තමාන තත්වය පිළිබදව සාකච්ජා කිරීමට නියමිතයි. මෙම පනත කලාපයේ ඉහළ ගණයේ පනතක් බවත් මෙය ජනමාධ්‍ය ලැබු විශාල ජයග්‍රහණයක් බවත් පැවසීය.
     
    මෙහිදී තොරතුරු කොමිසම කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සුරිය මහතා තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම අපට අලුත් දෙයක්. මෙය ජනතාවත් සමග විශේෂයෙන් ග්‍රාමීය මට්ටම සමඟ එක්ව ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය.  මෙහිදී අපේ රටට අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සමග අත්දැකීම් බෙදා ගැනීම වැදගත් බවද පැවසීය.
     
    මෙම සමුළුව සඳහා ලෝකයේ තොරතුරු දැන ගැනීම පිළිබඳ විශේෂඥයින් රැසක්ද සහභාගි වීමට නියමිතය.
     
    AP  
      
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya