අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා පාඨමාලාව ඇරඹේ

    සැප්තැම්බර් 26, 2016
    සංඥා භාෂා පරිවර්තන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය අද පෙ.ව.9.30 ට සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍ර‍වණාගාරයේදී  පැවැත්වේ.  
    සංඥා භාෂා පරිවර්තකයන් 50 ක් වහාම පුහුණු කිරීමේ අරමුණින් සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කර ඇත.
     
    ජාත්‍යන්තර බිහිරි දිනයට සමගාමීව මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
     
    ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ 05කට අධික ශ්‍රවණාබාධිතයන් සංඛ්‍යාවකගේ භාෂා පරිවර්තන අවශ්‍යතා ඉටුකිරීම සඳහා සිටින පුහුණු සංඥා භාෂා පරිවර්තකයන් ප්‍රමාණය 08 දෙනෙක් බව අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ අවධානයට ලක්වීමෙන් පසු වහාම ඒ සඳහා 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බඳවාගෙන වහාම පුහුණුව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සමාජසේවා බලධාරීන්ට උපදෙස් දූන්නේය.
     
    ඒ අනුව රාජගිරියේ පිහිටි සමාජසේවා විද්‍යාලය යටතේ වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා සමෘද්ධිලාභී පවුල් වල උසස් පෙළ සමත් 50 දෙනෙකු තෝරා ගෙන තිබේ.
     
    මෙම පිරිසට පාඨමාලාව හදාරන කාලය තුල ගමන් වියදම් ගෙවීමට නියමිත අතර පාඨමාලාව සාර්ථකව අවසන් කරන අය සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රධාන අධිකරණ, පොලිස් ස්ථාන ඇතුළු භාෂා පරිවර්තකයන්ගේ සේවය අවශ්‍ය ස්ථාන වල යෙදවීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රවණාබාධිතයන් වෙනත් ආබාධ සහිත පුද්ගලයන්ට වඩා අධ්‍යාපන මට්ටමෙන් පහල සිටින බව සමාජසේවා නිලධාරීන් කළ සමීක්ෂණ වලදී හෙලිදරව් වී ඇති අතර එයට බලපා ඇති ප්‍රධාන හේතූන් ලෙස වාර්තා වී ඇත්තේ ප්‍රමාණවත් සංඥා භාෂා පරිවර්තකයන් නොසිටීමත්, මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ශ්‍රවණාබාධිතයන් හට අධ්‍යාපනය ලැබිය හැකි විශේෂ පාසැල් සංඛ්‍යාව අවම වීමත්,  ඒවාහි ප්‍රමාණවත් පුහුණු ගුරුවරුන් නොමැති වීමත් බව පැවසේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya