අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වැට් පනතෙන් බදු ගෙවිය යුතු වන්නේ වැට් අදාළ වන භාණ්ඩ අලෙවිය සඳහා පමණි Featured

    සැප්තැම්බර් 22, 2016
    රජය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වැට් පනත මඟින් දිනකට රුපියල් 138,000ක් වඩා පිරිවැටුපක් සහිතව වෙළදාම් කරන තොග හා සිල්ලර වෙළඳසැල් වැට් බදු ගෙවීමට යටත් වන නමුදු ඔවුන්ගෙන් සැබෑ ලෙසම වැට් අයවනුයේ වැට්වලට අදාළ වන භාණ්ඩ අලෙවියෙන් ලැබෙන  පිරිවැටුපට පමණක් බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    වැට් පනත යටතේ 15%ක වැට් ගෙවිය යුතු වනුයේ සුවඳ විලවුන්, බිස්කට්, සබන් හා සකස් කරන ලද ආහාර වැනි භාණ්ඩ සඳහා පමණක් වන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් එදිනෙදා පරිභෝජනය කරන කිසිඳු භාණ්ඩයකට වැට් බදු අදාල නොවන අතර එම භාණ්ඩ VAT වලින්  නිදහස් කර ඇත.
     
    ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය යටතට එකතු කළ අගය මත බදු නොහොත් VAT බද්ද හඳුන්වා දෙනු ලැබුවේ 2002 වසරේදීය. එම මුල් අවස්ථාවේ වැට් බදු අනුපාතය  0 %, 10%, 20% ක් යනුවෙන් පැවතිනි. 2005 වසරේදී එම වැට් බදු ප්‍රතිශතය 5%, 15%, 18% වශයෙන් වැඩි කර තුන් ආකාරයකට අය කිරීම සිදුකරන ලදී.  ඉන් පසුව එය 2006 වසරේදී 20%  තනි අනුපාතයකට වැඩි කරන ලදී.
     
    එම කාලයේ බලයේ සිටි රජය විසින්ම 2007දී එම බද්ද 15% දක්වා අඩු කරන ලද  අතර පසුව 2009 වන විට එය 12% දක්වා අඩු කරනු ලැබීය. ආරම්භයේ සිට භාණ්ඩ හා සේවාවලට පමණක් සීමා කර තිබූ මෙම වැට් බද්දට එකල රජය විසින් 2013 වසරේදී තොග හා සිල්ලර වෙළඳාම ද ප්‍රථම වතාවට යටත් කරනු ලැබීය. ඒ අනුව තොග හා සිල්ලර වෙළඳාම කරගෙන යන සුපිරි වෙළදසැල් ඉලක්ක කර ගෙන දිනකට ලක්ෂ 28ක ආදායම් පරිමාව යටතේ 12%ක වැට් බදු නියම කර තිබුණි. එම පිරිවැටුම් පරිමාව 2014 වසරේදී දිනකට ලක්ෂ 14 දක්වා පහතට ගෙනඑන ලදී.  එවන් සුපිරි වෙළදසැල්වලද වැට් ගෙවිය යුතු භාණ්ඩ පැවතියේ අලෙවිකරණ භාණ්ඩවලින් සීමිත ප්‍රමාණයක් පමණි.
     
    යෝජිත නව වැට් බදු පනත මඟින් දිනකට රු. 1,38,000ක අලෙවියක් තිබෙන තොග හා සිල්ලර වෙළඳසැල් වලින් 15%ක වැට් අය කරනු ලබනුයේ වැට් ගෙවිය යුතු භාණ්ඩ සඳහා පමණක් වන අතර එසේ නොමැති පසුගිය රජය සමයේ කල පරිදි VAT නිදහස් භාණ්ඩ වලට VAT අයකරන ආකාරයට මුලු පිරිවැටුම සදහාම තොග හා සිල්ලර වෙළඳාම මත VAT අය කරනු  නොලබයි.
     
    පසුගිය රජය කාලයේ 2013 වසර සිට තොග හා සිල්ලර වෙළඳාම වැට් ගෙවීමට යටත් කිරීමට අමතරව එම වෙළඳසැල්වල අලෙවි කළ වැට් නිදහස් භාණ්ඩ අලෙවිය සඳහා කරන ලද වැට් අයකිරීම  මෙම නව පනත මඟින් ඉවත් කරනු ලැබ තිබීම විශේෂත්වයකි. ඒ අනුව තොග හා සිල්ලර වෙළඳාම සඳහා මෙතෙක් කාර්තුවකට තිබූ ආදායම් පරිමාව රු. මිලියන 100 සිට නව පනත සමඟ රු. මිලියන 12.5 දක්වා අඩු කළද පසුගිය රජය කාලයේ අය කළ වැට් බදු අයකිරිමේ ක්‍රමවේදයේ ව්‍යාපාරිකයන්ට ඇතිවන බලපෑම මෙමගින් අඩුකර ඇත. 
     
    යෝජිත නව වැට් පනත මඟින් කිසිඳු අත්‍යවශ්‍ය භාණ්ඩයකට බදු අය කරන්නේ නැත. පෞද්ගලික රෝහල් වලින් සැපයෙන සෞඛ්‍ය සේවාවන් රැසක් ද වැට් වලින් නිදහස් කර තිබේ.  එනම් බාහිර රෝගී සේවාව, රසායනාගාර සේවා සහ රුධිර කාන්දු විලන සේවා ආදිය ද වැට් බදු වලින් නිදහස් කර තිබේ. 
     
    ඒ අනුව උදාහරණයක් ලෙස නව ක්‍රමය යටතේ රුපියල් 200,000/- ක දිනක වෙළඳ ආදායමක් තිබෙන වෙළඳ සැල් හිමිකරුවෙක් වැට් අදාළ වන භාණ්ඩ අලෙවියෙන් රුපියල් 50,000/- ක ආදායමක් ගත්කළ ඔහු ගෙවිය යුතු වනුයේ එම මුදල සඳහා 15% ක වැට් බදු පමණි.  එහෙත් පැරණි ක්‍රමය යටතේ වැට් අදාළ වන භාණ්ඩ අලෙවියෙන් ලද එකී ආදායමට වැට් ගෙවීමෙන් පසුව ඉතිරිවන රුපියල් 1,50,000/- ක මුදලින් රුපියල්   100,000/- කට ද 11% බැගින් වැට් ගෙවිය යුතුව තිබිනි.  ඒ අනුව පැරණි ක්‍රමය යටතේ 11% ක ප්‍රතිශතය යටතේ වුවද රුපියල් 200,000/-ක  පිරිවැටුමට රුපියල් 16,500/- ක් වැට් බදු ගෙවීමට සිදුවිය. එහෙත් නව ක්‍රමය යටතේ වැට් බද්ද 15% ක් වුවද එම රුපියල් 200,000/- පිරිවැටුම සඳහා ව්‍යාපාරිකයෙකු ගෙවිය යුතු වන්නේ රුපියල් 7500/- ක් පමණි. 
     
    ජනතාව විසින් ගෙවනු ලබන වැට් බද්ද අයකර පෙරලා රජය වෙත ගෙවීම සඳහා වත්මන් රජය විසින් පසුගිය රජයට සාපේක්ෂව සහනදායී වැඩපිළිවෙළක් හදුන්වාදී තිබියදී පසුගිය කාලයේ 20% ක තරම් අධික වැට් බදු අයකළ අවස්ථාවේදී නිහඩව සිටි ඇතැම් පිරිසි දැන් ද්වේශ සහගතව හැසිරෙමින් තම සැගවුනු  න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව පොළඹවූ අවස්ථාවක් මෑත කාලයේදී දක්නට ලැබිණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya