මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණ නගරයේ පළමු අදියර අද ඇරඹේ Featured

    සැප්තැම්බර් 22, 2016
    බස්නාහිර මහා නගර සංවර්ධන සැලැස්මට ඇතුළත් තාක්ෂණික නගරයේ පළමු අදියරේ  වැඩ කටයුතු ආරම්භ  කිරීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ පරිශ්‍රය සහිත මහහේන කලාපයේදී සිදු කෙරිණි.
    මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  තාක්ෂණය හා විද්‍යා අංශය මතයි අපේ දියුණුව රදා පවතින්නේ.  අපේ රට ඉදිරියට යන්න නම් දැනුම අවශ්‍යයි. ඒ සඳහා සැමටම අධ්‍යාපනය ලබා දිය යුතුයි. අද තාක්ෂණය ලබා දෙන්නේ සුළු පිරිසකට පමණයි.අපි කෙසේ හෝ විද්‍යාව එක ධාරාවකට පමණක් සීමා නොකළ යුතු යයිද පැවසීය.
     
    අද ලංකාවෙන් ගිය විශේෂඥයින් සෑම රටකම සිටිනවා . ඔවුන් සියල්ල එකතු කළේ නම් අපට බලවත් රටක් වෙන්නට තිබුණා. අප දැනුම තිබෙන අය මෙහි රදවා ගෙන නව උත්පාදන ආර්ථිකයන් කරා යායුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
     
    අද ඇරඹෙන තාක්ෂණ කලාපය තුළ මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,  ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ජාතික විදාතා මධ්‍යස්ථානය ආශ්‍රිත විද්‍යා හා තාක්ෂණික ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.
     
    පළමු අදියර යටතේ මොරටුව විශ්ව විද්‍යාලය රුපියල් මිලියන 5,000 ක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය රුපියල් මිලියන 7,500 ක්ද කොළඹ විශ්ව විද්‍යාලය රුපියල් මිලියන 2.096 ක්ද , විද්‍යා හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය රුපියල් මිලියන 3000 ක්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය රුපියල් මිලියන 1.700 ක්ද ආයෝජනය කරනු ලබයි.
     
    මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක ,විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  හා මහානගර හා බස්යනාඑිර සංවර්නධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු විද්වතුන් රැසක් සහභාගි විය.
     
    AP
     
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya