අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු, ඕමාන් හා ජපාන නාවික හමුදා යාත්‍රා 04ක් කොළඹ වරායට

    ජූලි 25, 2016

    ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව, රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව හා ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් ඊයේ (24) දින කොළඹ වරාය වෙත පැමිණ ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.



    ඒ අනුව ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත. දින 6ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමඟ වැලිසර නාවික කඳවුරේ දී ක්‍රිකට්, බේස්බෝල්, පැසිපන්දු, අත්පන්දු සහ පාපන්දු තරග කිහිපයකට ද එහි නැව්මුළුව සහභාගී වනු ඇත. තවද, එම කාල සීමාව ඇතුළත නිව් ඕර්ලීන්ස් නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව නාවික අභ්‍යාසයන් කීපයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇති අතර, එම නෞකාව ජූලි මස 29 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.


    රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණි අතර, එම නෞකාව ජූලි 27දා ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.


    ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා කොළඹ වරායට සේන්දු වී ඇත. අද (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර මෙම නෞකාවන්, වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයක ද නිරතවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya